බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරේ රියදුරුට ඇප

 ඡායාරූපය:

බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරේ රියදුරුට ඇප

ඉකුත්දා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ සැකකරුවන් 8කට එරෙහිව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට නඩු පැවරිය හැකිබව විමර්ශන නිලධාරීන් මහාධිකරණයට දන්වා තිබේ.

සිද්ධියේ ඩිෆෙන්ඩර් රඨය පැදවූ රියැදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියම කළාය.

 

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව නඩුව නැවත අප්‍රේල් මස 22 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.