ත්‍රීරෝද රථ මීටර් නීතිය ඔක්තෝබර් සිට

 ඡායාරූපය:

ත්‍රීරෝද රථ මීටර් නීතිය ඔක්තෝබර් සිට

ත්‍රීරෝද රථවලට මීටර් සවි කිරීමේ නීතිය ලබන මස මුල සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව පොලිසිය මගින් මීටර් සවි නොකරන ලද රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'රැස' කළ විමසීමකදී පැවසීය.

විධිමත් ගාස්තු මීටර් වෙළෙඳපොළේ නොමැති බවට මැසිවිලි නගමින් ත්‍රීරෝද රථ වෘත්තිකයන් විසින් දිගින් දිගටම කළ දෝෂාරෝපණ හා ඔවුන් මුහුණ දුන් අපහසුතා හේතුවෙන් පසුගිය මාස දෙකක පමණ කාලය තුළ එම නීති ක්‍රියාත්මක නොකළ බව කී සිසිර කෝදාගොඩ මහතා, මගී සුබසිද්ධිය තකා අත්‍යවශ්‍ය වන ත්‍රීරෝද රථවල මීටර් සවිකිරීමේ කටයුත්ත තවදුරටත් ප්‍රමාද නොකරන බවද අවධාරණය කළේය.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා