ඩග්ලස් දේවානන්දා උතුරේ මහ ඇමති සටනට

 ඡායාරූපය:

ඩග්ලස් දේවානන්දා උතුරේ මහ ඇමති සටනට

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් ඊපීඩීපීය ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු මහ ඇමතිකම සඳහා තරගවැදීමට තීරණයක් ගෙන ඇත.

ඒ අනුව ඊපීඩීපී නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා මහ ඇමති අපේක්ෂකත්වයට තරඟ කරනු ඇති බව ඊපීඩීපී ප්‍රකාශකයෙක් 'රැස'ට පැවසීය. සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණයට එළැඹි බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් එම ප්‍රකාශකයා පැවසීය.

කිසිදු පක්ෂයක් හෝ සන්ධානයක් සමග ඒකාබද්ධ වී උතුරු පළාත් සභාවට තරඟ කිරීමේ සූදානමක් නොමැති බවත් පක්ෂයේ තීරණය වන්නේ තනිවම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා