මැදපෙරදිගෙන් එවන මළසිරුරු නිරුවතින්

මැදපෙරදිගෙන් එවන මළසිරුරු නිරුවතින්

මැදපෙරදිග රටවලදී විවිධ හේතූන් මත මිය යන ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ බහුතරයක් එම රටවල සිට ශ්‍රී ලංකාවට එවන්නේ නිරුවතින් බවත් එහෙත් බටහිර සහ යුරෝපාකරයේ සිට ලංකාවට එවන මෘත දේහ එසේ නොවන බවත් මීගමුව හා තලාහේන හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න පසුගියදා 'රැස' කළ විමසීමකදී පැවසීය.

සිය රටේදී මිය ගිය විදේශිකයන්ගේ සිරුරු මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉහළ ගෞරවයක් ලබා දී එවනු දක්නට ලැබෙන්නේ බටහිර සහ යුරෝපා රටවලින් පමණක් බවත් ඒ මහතා පැවසීය.

මැදපෙරදිග රටවලදී මිය ගිය ඇතැමුන්ගේ මළ සිරුරුවල කොටස් ඉවත් කරගෙන ඇති බවට ඇතැමුන් චෝදනා කළද එය එසේ වී ඇත්තේ ඇතැම් රටවලදී අවිධිමත් අන්දමින් මරණ පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් බවට අවස්ථා රැසකදී තමන්ට දක්නට ලැබුණ බවත් වෛද්‍ය වික්‍රමරත්න සඳහන් කරයි.

කෙසේ වුවද පසුගිය වසර දෙක තුළ විදේශවලදී ඝාතනයට ලක් වූ සිරුරු තමන්ට නිරීක්ෂණය නොවූ බවත් හෙතම ප්‍රකාශ කළේය.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා