මත්තල ඉන්දියාවට දීමට විරුද්ධ නෑ : මහින්ද ඉන්දියාවේදී කියයි

 ඡායාරූපය:

මත්තල ඉන්දියාවට දීමට විරුද්ධ නෑ : මහින්ද ඉන්දියාවේදී කියයි

මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නැති බවත් තමාගේ විරෝධය ඇත්තේ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තිය ගැන පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවක් නැති බවත් තමාගේ විරෝධතාවය ඇත්තේ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තිය ගැන පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ඉන්දියාවේ 'රිසර්ච් ඇන්ඩ් ඇනලිසිස් විංග්' (රෝ ඔත්තු සේවය) 2015දී ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කළ බවට 2015 මාර්තු මාසයේදී චීනයේ 'සවුත් චයිනා මෝර්නින් පෝස්ට්' පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, අතීතය දැන් අමතක කර ඉදිරියට යා යුතු බවත්, චෝදනාව නැගුවේ ඉන්දියාවටම නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

නැවත බලයට පැමිණීමට අවස්ථාවක් ලැබුණහොත් ඉන්දියාව සමඟ අයෝජන අවස්ථා පුළුල් කිරීමට තම ප්‍රමුඛතාව ලබා දෙන බවද ඔහු පවසා ඇත.

මීට පෙර පාකිස්තානයේ 'ඩෝන්' පුවත්පතටද ප්‍රකාශයක් කළ රාජපක්ෂ මහතා, ඉන්දියාව, ඇමෙරිකාව, නෝර්වේ සහ යුරෝපය පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ව පැරැදවීමට කුමන්ත්‍රණය කළ බව පැවසුවේය.

මේ සාකච්ඡාව පැවැත්වූ සුභාෂිනි හයිදර් මාධ්‍යවේදිනිය ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමිගේ කනිටු දියණියද වේ.

[මංජුල සමරසේකර]

මාතෘකා