ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

 ඡායාරූපය:

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සැප්තැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන බව එම පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ (11) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරයට පෙර ආසන බලමණ්ඩල සියල්ලේම කටයුතු නිමා කිරීමට කටයුතු කරන බව මාධ්‍ය හමුවට සහභාගි වූ

මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

හෙතෙම පැවසුවේ, බලමණ්ඩලවල කටයුතු මේ වන විට සියයට 90ක් වැනි ප්‍රමාණයක් නිම කර තිබෙන අතර ඉතිරි සියයට 10 මේ සතිය ඇතුළත අවසන් කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලමණ්ඩල, කාන්තා බලමණ්ඩල, තරුණ සම්මේලනය වෘත්තීයවේදීන්ගේ සංවිධාන ඇතුළු කටයුතු සහ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු තවදුරටත් ඉතිරිව ඇති බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා