ඉන්දීය ජාතිකයන් උතුරේ පදිංචි කළැයි විමල් වීරවංශ කීවේ බොරුවක් : වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ

 ඡායාරූපය:

ඉන්දීය ජාතිකයන් උතුරේ පදිංචි කළැයි විමල් වීරවංශ කීවේ බොරුවක් : වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ

ඉන්දීය පවුල් 200ක් රජය විසින් උතුරු පළාතේ පදිංචි කරනු ලැබ ඇති බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය අසත්‍යක් බව ඊයේ (11) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අදාළ කාරණය තහවුරු කරමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය අමූලික බොරුවක්. එය ජනතාව නොමඟ යවන ප්‍රකාශයක්. තිස් වසරක් මුළුල්ලේ පැවති යුද්ධය නිමවීමත් සමග එම ප්‍රදේශ අතහැර දමා ගිය ජනතාව නැවත තමන් පදිංචි ප්‍රදේශ කරා පැමිණෙනවා. දැනට 30,000ක පවුල් සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. මෙවන් ප්‍රකාශ සොයා බලා කරන්නැයි මම ඉල්ලා සිටිනවා."

[දීපිකා සිරිවර්ධන]

මාතෘකා