‍ගෝඨාට රටින් පිටවීම තහනම්

 ඡායාරූපය:

‍ගෝඨාට රටින් පිටවීම තහනම්

හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට ඊයේ (10) බරපතළ මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා ආරම්භ කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය කටයුතු කළේය.

සිය දෙමාපියන් වෙනුවෙන් ඉදි කළ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබූ අතර එම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් හත් දෙනාට විදෙස් ගමන් තහනම් බව දැනුම් දෙනු ලැබිණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා හැර ඉදිරිපත් වූ සෙසු විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම නඩුව යළි ඔක්තෝබර් මස 09 වැනිදා කැඳවීමට නියමිතය.

[මංජුල සමරසේකර]

මාතෘකා