පළාත් සභා මැතිවරණය ළඟදීම

 ඡායාරූපය:

පළාත් සභා මැතිවරණය ළඟදීම

පළාත් සභා මැතිවරණය ළඟදීම පැවැත්වීමට විශේෂ කැබිනට් තීරණයක් ගත් බවත් ඊට අවශ්‍ය විධිවිධාන යෙදීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙටි රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් තීන්දු කිහිපයක් ගෙන තිබේ. ඒ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් කොමසාරිස්වරයෙකු පත් කරන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊට වැඩබලන කොමසාරිස්වරයෙකු පත් කිරීම, තොන්ඩමන් ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි වත්තල ප්‍රදේශයේ දෙමළ මාධ්‍ය පාසලක් ඉදිකිරීම, පළාත් පාලන මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම ආදිය වේ.

මාතෘකා