හාල් මිල රුපියල් 10කින් පහළට

 ඡායාරූපය:

හාල් මිල රුපියල් 10කින් පහළට

ලබන සතියේ සිට සහල් මිල රුපියල් 10කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට පවතින හාල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ පසුගිය සතියේ සාකච්ජාවක් පැවැත්වූ බවත්, එහිදී දැනට පවතින මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් හාල් ලබා දීමට ඔවුන් එකඟ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ, හම්බන්තොට සිංහගිරි විහාරාධිපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් රචනා කළ "බුදු දහමේ සැනසුම් මග" කෘතිය හම්බන්තොට සිංහගිරි විහාරයේදී එළිදැක්වීමේ උත්සවයට ඊයේ (14) එක් වෙමිනි.

[නුවන් ජයසේකර] සූරියවැව

මාතෘකා