ෆේස්බුක් පහෙන් එකක් 'ෆේක්'

 ඡායාරූපය:

 ෆේස්බුක් පහෙන් එකක් 'ෆේක්'

ශ්‍රී ලාංකිකයින් භාවිත කරන හඳුනා ගත් ෆේස්බුක් ගිණුම් අතරින් සියයට 20ක්ම ව්‍යාජ (ෆේක්) ගිණුම් බව හෙළිවී ඇති බවත්, ඒ අනුව සෑම ෆේස්බුක් ගිණුම් 5කින් 1ක්ම ව්‍යාජ ඒවා බව හඳුනාගෙන ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය පසුගියදා කොළඹදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6ක් අන්තර්ජාල භාවිත කරන අතර එම පිරිසගෙන් සියයට 15ක ප්‍රතිශතයක් නාගරිකව ජීවත් වන බව සමීක්ෂණවලින් හෙළිවී ඇතැයි වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

එම ශ්‍රී ලාංකිකයන් අතරින් මිලියන 4.5ක් මුහුණුපොත හෙවත් ෆේස්බුක් භාවිත කරන බවත්, ඉන් සියයට 67ක් පිරිමි වන අතර ඉන් සියයට 33ක් කාන්තාවන් බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරිය එහිදී වැඩිදුරටත් හෙළි කළාය.

තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරිය මෙසේද පැවසුවාය.

"2005 තිබුණාට වඩා 5 ගුණයකින් අන්තර්ජාල භාවිතය 2015 වසරේදී වැඩිවෙලා. ඉන් වැඩි පිරිස අන්තර්ජාලයට පිවිසෙන බව හෙළි වී තිබෙන්නේ ජංගම දුරකතන ඔස්සේයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින ජංගම දුරකතන ගිණුම් සංඛ්‍යාව මිලියන 25කට වැඩියි. ලාංකිකයන්ගෙන් සියයට 87ක්ම ජංගම දුරකතන සංඥා ලැබෙන ආවරණ කලාපවල ජීවත් වෙනවා."

[නුවන් මහේෂ්

මාතෘකා