ඇවන්ගාඩ් නඩුවේ දෙවන සැකකරුගේ කටහඬ පරීක්ෂාවට අධිකරණයෙන් අවසර

 ඡායාරූපය:

ඇවන්ගාඩ් නඩුවේ දෙවන සැකකරුගේ කටහඬ පරීක්ෂාවට අධිකරණයෙන් අවසර

නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ ඊයේ (11) විභාගයට ගත් අවස්ථාවේ කටහඬ පරීක්ෂණයක් සඳහා නඩුවේ දෙවන සැකකරු රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබා දුන්නේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග එවැනි පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

[ෆර්හාන් නිසාම්දින්]

මාතෘකා