ධීවර කර්මාන්තයට අයවැයෙන් වැඩි තැනක්

 ඡායාරූපය:

ධීවර කර්මාන්තයට අයවැයෙන් වැඩි තැනක්

ධීවර කර්මාන්තය සහ ධීවර ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් මෙතෙක් පැවති සියලු රජයන්ට වඩා වැඩි මුදලක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට තමන් ප්‍රමුඛ රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (10) පැවති මිරිදිය වරුණ 2018 සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර ධීවර ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඉදිරියේදී තව තවත් ශක්තිමත් කරන බව එහිදී ජනාධිපතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් කරගැනීමට සීෂෙල්ස් ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් හැකියාව ලැබුණු බවයි. ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජලජීවී වගා සඳහා රජයේ ඉඩම් ලබාගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය, ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු එම සියලු ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට තමන් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[අසේල ලියනගේ]

මාතෘකා