නව අගවිනිසුරු නලින් පෙරේරා?

 ඡායාරූපය:

නව අගවිනිසුරු නලින් පෙරේරා?

තීන්දුව අද

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් ජේ. පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ව්‍යවස්ථාදායක සභාවෙන් තහවුරු කළ පසු ශ්‍රී ලංකාවේ 43වන අගවිනිසුරු ලෙස ඒ මහතා පත් වීමට නියමිත අතර ඔහු දශක තුනකට පසුව ‍එම ධුරයට පත්වන පළමු වෘත්තීය විනිසුරුවරයාද වෙයි.

නලීන් ජේ. පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස 2016 වර්ෂයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය. ඒ මහතා මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුධුරයන්හි කටයුතු කර තිබේ.

නව අගවිනිසුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) දහවල් රැස්වන බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කතානායකවරයා මේ බව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් පත්කිරීමේ යෝජනාව මැතිසබයේදී ඊයේ සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදීය.

වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද දින විශ්‍රාම යාමට නියමිතය.

[මංජුල සමරසේකර]

මාතෘකා