සීෂෙල්ස් සංචාරයේ ප්‍රතිලාභ දෙරටටමයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

සීෂෙල්ස් සංචාරයේ ප්‍රතිලාභ දෙරටටමයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දෙරට අතර සහයෝගිතාවෙන් හිමි වන ප්‍රතිලාභ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා හේතු වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (09) සීෂෙල්ස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුවකදී පැවසීය.

සීෂෙල්ස් රාජ්‍යයේ සිය දෙදින රාජ්‍ය සංචාරයේදී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹුණු බවත්, සියලු රාජ්‍යයන් සමග සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් ශ්‍රී ලංකා මාතෘ භූමියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සිය අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා මධ්‍යස්ථානයේදී මෙම හමුව පැවැත්වුණු අතර සීෂෙල්සිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවිය මෙහිදී ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

[අසේල ලියනගේ]

මාතෘකා