'ජනාධිපතිවරණයට බැසිල් දාන්න' ගෝඨාභය යෝජනා කරයි

 ඡායාරූපය:

'ජනාධිපතිවරණයට බැසිල් දාන්න' ගෝඨාභය යෝජනා කරයි

'ගෝඨා හළා බැසිල් ගේන මහින්දගේ මෙහෙයුම ගෝමින් දයාශ්‍රී හෙළිකරයි' යන සිරස්තලය යටතේ පෙරේදා (9) පළ කෙරුණු 'රැස' ප්‍රධාන පුවත සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විද්‍යුත් මාධ්‍යකට සිය අදහස් පළ කරමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂව තමන් යෝජනා කරන බවයි.

"...ඒවා පවුලේ ආරවුල් ඇති කරන්න කියන දේවල්. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ කවුද කියලා තාම කියලා නැහැ. නමුත්, මම යෝජනා කරනවා නම් යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂව"

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් විභාග වන නඩුව පෙරේදා (9) කැඳවූ අවස්ථාවේ අධිකරණ භූමියේදී මාධ්‍යවේදියෙකු 'රැස' පුවත සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

මාතෘකා