ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කෙරේ

 ඡායාරූපය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කෙරේ

පුරප්පාඩු සහිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනාගේම නාමයන් මේ වන විට යෝජනා වී ඇති බවත්, ඔවුන්ගේ පත්කිරීම් මේ සතිය තුළදී සිදු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ඊයේ (10) ‘රැස’ කළ විමසීමකදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නාම යෝජනා මත පත් කළ යුතු පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඒ අනුව යෝජනා වී ඇති අතර ඒ ආකාරයෙන්ම පත් කරන සිවිල් පුද්ගලයින් තිදෙනා වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වන ජයන්ත ධනපාල, අහමඩ් ජාවේඩ් යූසුෆ් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන එන්. සෙල්වකුමාර් මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ නමත්, ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහත්වරුන්ගේ නමත් යෝජනා වී තිබේ. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත් වෙති.

මාතෘකා