විස්සට අත් ඔසවමු : අනුරගෙන් ඉල්ලීමක්

 ඡායාරූපය:

විස්සට අත් ඔසවමු : අනුරගෙන් ඉල්ලීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පසු එය සම්මත කිරීමට සහය දෙන ලෙසත්, ඊට අවහිර නොකරන ලෙසත් ජවිපෙ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ඉල්ලා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් ඊයේ (9) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා