මහතීර්ගෙන් ජනපති මෛත්‍රීට සහතිකයක්

 ඡායාරූපය:

මහතීර්ගෙන් ජනපති මෛත්‍රීට සහතිකයක්

අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන බව මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක හමුව පැවැති අතරවාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා මැලේසියානු අගමැතිවරයා හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් මැලේසියාවේ සංචාරයක යෙදුණු අතර ඒ වන විට මහතීර් මොහොමඩ් මහතා සිටියේ බලයෙන් පහ කොටය. එවකට ආරක්ෂක නියෝග නොතකා මෛත්‍රීපාල සිරිසේන මහතා මහතීර් මොහොමඩ් හමුවීමට ගියේය.

මෙවර රාජ්‍ය නායක හමුව වන විට මැලේසියාවේ අගමැති ලෙස නැවත මහතීර් මොහොමඩ් මහතා පත්ව සිටි අතර එහිදී ඔහු මෙසේ පවසා තිබේ.

"එදා මට බලය අහිමිව සිටියදී ඔබ ආරක්ෂකයින්වත් නැතිව පැමිණ මා හමු වූ අයුරු මතකයි. ඔබ නිර්භීත නායකයෙක්. ඒවගේම විශිෂ්ට මිනිසෙක්. ඔබේ රටට ඕනෑම සහයෝගයක් ලබාදීමට මා සූදානම්."

මාතෘකා