
කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්
කතරගම - කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද (14) තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී ඊට අදාළ සැකකරුවන් මේ මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් කතරගම - කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන අසේල ලක්මාල් සහ එකම පවුලේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
එහිදී පොලිස් භාරයට ගෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර ඇති මෙම නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වන වාර්තාව අධිකරණයට කැඳවන ලෙස සිහි කැඳවීමේ ලිපියක් යොමුකරන්නැයි පොලීසිය කළ ඉල්ලීමටද අධිකරණයේ අවසර හිමි වී ඇත.
ජනප්‍රිය ලිපි