විග්නේශ්වරන් ඉල්ලා අස්වීමේ ලිපිය දෙයි

 ඡායාරූපය:

විග්නේශ්වරන් ඉල්ලා අස්වීමේ ලිපිය දෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (08) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාර දී තිබේ.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේශ්වරන් මහතා මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

සී.වී. විග්නේශ්වරන් මහතාගෙන් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳව මාවෙයි සේනාධිරාජා මහතා එහිදී තොරතුරු විමසා ඇති අතර විග්නේශ්වරන් මහතා

ඒ පිළිබඳව කියා ඇත්තේ තමන් පිහිටුවූ ටී. එම්. කේ. පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත්, තමන් කිසි විටකත් උතුරු පළතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බවත්ය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා