ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අද පස්වරුවේ රැස් වෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අද පස්වරුවේ රැස් වෙයි

පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී කාරක සභාව රැස් වේ. සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කරන බව නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරයි.

 

මාතෘකා