මාළිගාවත්තේදී ලක්ෂ 60ක හෙරොයින් තොගයක් අල්ලයි

 ඡායාරූපය:

මාළිගාවත්තේදී ලක්ෂ 60ක හෙරොයින් තොගයක් අල්ලයි

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ ඊයේ (07) මාලිගාවත්ත, කෙත්තාරාම ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500යි මිලි ග්‍රෑම් 210ක් සෙයාගෙන තිබේ. අදාළ සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුරේෂ් පෙරේරා නැමැත්තෙකු වන අතර ඔහු අද (08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ දිසා දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මාතෘකා