13ට අදාළ ජනාධිපති බලතල 20 සංශෝධනයෙන් වෙනස් වන්නේ නැහැ : ජවිපෙ

 ඡායාරූපය:

13ට අදාළ ජනාධිපති බලතල 20 සංශෝධනයෙන් වෙනස් වන්නේ නැහැ : ජවිපෙ

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කරන ලද 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු සභාවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා 'රැස'ට පැවසීය.

මේ වන විට 20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර අවසන් බවත් තවදුරටත් එයට අදාළ කරුණු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සිය පක්ෂයේ යෝජනාවට අනුව 13වැනි සංශෝධනයට අදාළ ජනාධිපතිවරයා සතුව පවතින බලතල කිසිවක් වෙනස් නොවන බවද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල සියල්ල කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[නිමාෂා සඳරුවනි]

 

මාතෘකා