අපරාධ චෝදනා ලැබූවන්ට‍ තනතුරු දීම ගැන වහා පියවර ගත යුතුයි : ජනාධිපති ලේකම්

 ඡායාරූපය:

අපරාධ චෝදනා ලැබූවන්ට‍ තනතුරු දීම ගැන වහා පියවර ගත යුතුයි : ජනාධිපති ලේකම්

හැරගැනීම් හා කප්පම් ලබාගැනීම් සම්බන්ධ චෝදනා මත අපරාධ නඩු විභාග පවතින නාවික හමුදා නිලධාරීන්ට නාවික හමුදාවේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා වහා පියවර ගත යුතු බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් 2008 වසරේ අගෝස්තු මාසයේ සිට 2009 වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළදී පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව ඝාතනය කළ බව කියැවෙන තරුණයන් එකොළොස්දෙනා සම්බන්ධ නඩු විභාගයේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනෙකු වන දැනට ඇප මත සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක සහ කොමදෝරු සුමිත් රණසිංහ යන නිලධාරීන්ට පසුගිය මාර්තු 16 වැනිදා සිට නාවික හමුදාවේ සුබසාධන අංශයේ අධ්‍යක්ෂක ධුරය හා තවත් තනතුරක් ලබා දී තිබීම පිළිබඳව කළ විමසීමකදී ලේකම්වරයා මේ බව පැවසීය.

එවැනි තනතුරු ලබා දී ඇත්නම් ඒ සම්බන්ධව සොයා බලා කඩිනම් පියවර ගැනීම කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හා නාවික හමුදාපතිවරයා බැවින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධව විමසා ඉදිරි කටයුතු කරන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

[කසුන් පුස්සෙවෙල]

 

මාතෘකා