ශ්‍රී ලංකා - ඉරාන ජනපතිවරු නව ගිවිසුමකට අත්සන් තබති

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඉරාන ජනපතිවරු නව ගිවිසුමකට අත්සන් තබති

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා ඉරානය බලා පිටත් විය.

ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි. එහිදී දෙරට අතර නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිතව තිබිණි. ඉරාන ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුව මේ සංචාරයේ යෙදී සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීමට අදාළව එරට වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන විශේෂ ආයෝජන වහ ව්‍යාපාරික සමුළුවකටද සහභාගිවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බටහිර ආසියානු රටක් වන ඉරානය පෙට්‍රෝලියම් සහ ස්වභාවික වායු විශේෂ බලශක්ති ආරක්ෂණ ක්ෂේත්‍රවලදී ලෝක ආර්ථිකයේ විශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටී. ශ‍්‍රී ලංකාවේ බොහොමයක් සංවර්ධන කටයුතු සඳහා ඉරානය සිය දායකත්වය සපයයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉරානයේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙය වේ.

[අසේල ලියනගේ]

මාතෘකා