කම්කරු දිනය මැයි 7ට කල් යයි

 ඡායාරූපය:

කම්කරු දිනය මැයි 7ට කල් යයි

මැයි මස 1 වෙනි දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි මස 7 වන දින පැවැත්වීමට තීරණය කළ බව ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.
ලෝක කම්කරු දිනය ශ්‍රී ලංකාවේ මෙවර සැමරීම, කල් දැමීමට හේතු වී ඇත්තේ මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් මස 29වැනිදාට යෙදී ඇති නිසා සහ වෙසක් සතිය තුළ කම්කරු රැළි පැවැත්වීම නුසුදුසු යැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමයි. මේ අතර ජනපති නියමයෙන් මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශට පත් කිරීමට නියමිත අතර, එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක්ද ජනාධිපතිවරයා කළේය.

මාතෘකා