මැතිවරණයෙන් පෙන්නුම් කළේ ආණ්ඩුවට තිබෙන ජනතා අප්‍රසාදයයි | ඇස පාදන රැස


මැතිවරණයෙන් පෙන්නුම් කළේ ආණ්ඩුවට තිබෙන ජනතා අප්‍රසාදයයි

 ඡායාරූපය:

මැතිවරණයෙන් පෙන්නුම් කළේ ආණ්ඩුවට තිබෙන ජනතා අප්‍රසාදයයි

‘පළාත් පාලන මැතිවරණයේදී පෙන්නුම් කළේ මේ ආණ්ඩුව කෙරෙහි තිබුණු ජනතා අප්‍රසාදයයි. මේ තාවකාලික පරාජය පසෙකලා ශක්තිමත්ව රට ඉදිරියට ගෙනයන්නට සියලු දෙනා එක්විය යුතුයි’ යනුවෙන් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා මහනුවර පැවති, පළාත් පාලන අපේක්ෂකයන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවසීය.  
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි කැපවීම මත නව මැතිවරණ ක්‍රමය ගෙන ඒමට කටයුතු කළ නමුත්, මේ මැතිවරණ ක්‍රමය සියලුදෙනාම හිතූ පරිදි අතිශයින්ම සාර්ථකත්වයට පත්වුණු ක්‍රමයක් නොවූ බවයි. මේ මැතිවරණයේදී මැතිවරණ කොමිසම පවා අර්බුද රාශියකට මුහුණ දුන් බවත්, එයට හේතු වූයේ න්‍යායාත්මක කරුණු සහ ජ්‍යාමිතික ගණන්වල සිදුවුණු අඩුපාඩුවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.  
‘මෙවර මැතිවරණයේදී පෙන්නුම් කළේ මේ ආණ්ඩුව කෙරෙහි තිබුණු ජනතා අප්‍රසාදයයි. ඒ වගේම අපේ පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි තිබෙන ජනතා කැමැත්ත පක්ෂයේ ජනතාව පෙන්නුවා. මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දුන් පක්ෂය ගොඩගන්න පුළුවන් දේවල් කළා. නමුත් මේ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට පාක්ෂිකයන් විදියට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා.’ 

මාතෘකා