එජාපය දෙවැනි තැන ගැනීම මට දරාගන්න බෑ

 ඡායාරූපය:

එජාපය දෙවැනි තැන ගැනීම මට දරාගන්න බෑ

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයට පත්වීම තමන්ට දරාගැනීමට අපහසු බව ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.
නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
‘අපේ පක්ෂය දෙවැනි තැනට ආපු එක මට දරාගන්නම බැරි දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද සියයට 13යි. අද අතක් නෑ. අද ඉන්නේ මහින්ද රාජපක්ෂ පමණයි. එම නිසා අපි ඇතිවුණු දේශපාලන විපර්යාසය තේරුම් ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ, සියයට 13ක් අරන් පත්වුණු කණ්ඩායමකට කියන්න බෑ සියයට 33ක් ගත්ත පක්ෂයේ නායකයා වෙනස් කරන්න කියලා. අපගේ නායකයා වෙනස් කරන්න ඕනෙ නම් අපි ඒ තීරණය ගන්න ඕ‍ෙන්. සියයට 13ක් ගත්ත දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක වගේ ඇමැතිතුමන්ලට තීරණය කරන්න බෑ අපේ නායකයා කවුද කියලා. ගමේ ඉන්න පාක්ෂිකයො තමයි ඒ තීරණය ගන්න ඕනේ. අපිට මේ අඩුපාඩු ටික හදාගෙන ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. සජිත් ප්‍රේමදාසලා, නවීන් දිසානායකලා ඉන්නකම් මේ පක්ෂය දිය කරන්න අපි කාටවත් ඉඩ දෙන්නෙ නෑ.’

මාතෘකා