පොලිස් කොමිසමට වැඩබලන ලේකම්වරයකු පත්කිරීම අද

 ඡායාරූපය:

පොලිස් කොමිසමට වැඩබලන ලේකම්වරයකු පත්කිරීම අද

ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධුරයට වැඩ බලන ලේකම්වරයකු පත්කිරීම හෙට (22) පැවැත්වීමට නියමිත 130 වැනි පොලිස් කොමිෂන් සභා වාරයේදී සිදු කරනු ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

පරිපාලන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොසලකා හැර කොමිසමේ සිටින කණිෂ්ඨ නිලධාරියකු ඊට පත් කිරීමේ සූදානමක් පැවතීම නිසා කොමිසමේ කොමසාරිස්වරුන් අතරද අර්බුදයක් මතු වී ඇතැයි අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග මාධ්‍යයට පවසා තිබුණේ කොමිසමේ ලේකම් ධුරය සඳහා මෙතෙක් කිසිවකු නිර්දේශ කර නැති බවයි.

ඊයේ පස්වරුවේ කොමිසමේ මුදල් අංශය භාර සමන් දිසානායක කාවකාලිකව ලේකම්ධුරයේ වැඩ ආවරණය කිරීමටද පත් කර තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් කොමිසම අභ්‍යන්තරයේ විරෝධයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්නීථිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබුණේ පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ඉවත් කළේ දේශපාලන තීරණයක් නිසා නොවන බවයි.

[කාශ්‍යප දිසානායක]