පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන ගැන රජයේ විශේෂ අවධානය

 ඡායාරූපය:

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන ගැන රජයේ විශේෂ අවධානය

විවිධ විවේචන හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ පැවති උත්සවයකට පසුගියදා සහභාගී වෙමිනි.
"මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය දශක දෙකකට පෙර ආරම්භ කරනු ලැබුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසයි. පසුගිය වසර කිහිපය පුරා වෘත්තීයවේදීන් 25,000ක් පමණ මෙම විශ්ව විද්‍යාලය මගින් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින හිඩැසක් මෙම ආයතනය මගින් පිරවීමට කටයුතු කරනවා. රැකියා වෙළෙදපොළ ඉළක්ක කර ගත් උසස් අධ්‍යාපනයක් මෙම ආයතනය මගින් ලබා දීම ඉතා වැදගත්.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වසරක දී 145,000ක් පමණ සමත් වුවත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබන්නේ 45,000ක් පමණයි. සෙසු පිරිසෙන් සියයට 15ක් පමණ විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත්ව උපාධිය හදාරන අතර තවත් පිරිසක් විකල්ප අධ්‍යාපන ක්‍රම කෙරෙහි අවධානය යොමු කරනවා. සියයට 85ක් පමණ රැකියා ඉලක්ක කර ගනිමින් කටයුතු කරනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල තත්ත්වය පිළිබදවද අවධානය යොමු කළ යුතුයි. මෙම ආයතනය පිළිගත් අධ්‍යාපනයක් ලබාදෙනවා." යැයි ඇමතිවරයා පැවසීය.


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?