හදිසි නීතිය වහාම ඉවත් කරන්න

 ඡායාරූපය:

හදිසි නීතිය වහාම ඉවත් කරන්න

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක හදිසි නීතිය වහාම ඉවත් කොට පොලිසිය හා බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පුළුල් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.   
පසුගිය සති දෙකක කාලයේ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ක්‍රියාවලින් සිදු වූ හානිය හේතුකොටගෙන මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල එකඟතාව පරිදි පසුගිය 06 වනදා හදිසි නීතිය ක්‍රියාත්මක කළේය.   
මහනුවර කේන්ද්‍ර කරගනිමින් සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා දේශපාලන පක්ෂ හා පාට භේදයකින් තොරව සියලු දෙනා පිළිකුල්කොට හෙළා දැක ඇති බවත්, මේ වන විට එම කලහකාරී තත්ත්වය පහව ඇති බැවින් ඉතා ඉක්මනින් හදිසි නීතිය ඉවත් කර සාමාන්‍ය නීතිය රටේ ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම පවසයි.   
එමෙන්ම සාමාන්‍ය නීතිය යටතේද ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවකට එරෙහිව කටයුතු කිරීමට පොලිසියට ඉඩහසර ලැබෙන බැවින් එහි ක්‍රියාකාරීත්වය පුළුල් කළ යුතු බවටද ඔහු අදහස් දැක්වීය. 

මාතෘකා