ජනපති ජපාන සංචාරය අරඹයි

 ඡායාරූපය:

ජනපති ජපාන සංචාරය අරඹයි

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (12) පෙරවරුවේ ජපානයට ළඟා විය.  
දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ජපානය බලා ගමන් ඇරඹූ අතර, ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින්  පිළිගනු ලැබිණි.  
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ රජු වන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජින හමුවීමට නියමිත අතර, ජනාධිපතිවරයා වෙත එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හෙට (14) එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.  
අනතුරුව ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන අතර, එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු වනු ඇත.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?