අතුරුදන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානතම වගකීම අතුරුදන් වූවන් වෙනුවෙන් සත්‍ය සෙවීමයි

 ඡායාරූපය:

අතුරුදන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානතම වගකීම අතුරුදන් වූවන් වෙනුවෙන් සත්‍ය සෙවීමයි

2016 අංක 14 දරන පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා විශාල වගකීමක් සහ යුතුකමක් දරා සිටින ව්‍යවස්ථාපිත ආයතනයක් බව කතානායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා අතුරුදන්වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ සාමාජිකයින් අතර ඊයේ (07) පැවැති හමුවේදී කතා‍නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතා‍නායකවරයා සඳහන් කළේ අතුරුදන් වූ තම සමීපතමයන් පිළිබඳ වේදනා විදිමින් තව දුරටත් අපේක්ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් සත්‍යය සෙවීම බව මෙම කාර්යාලයේ වගකීම බවයි. ජාති ආගම් දේශපාලන භේදවලින් තොරව වැදගත් ජාතික යුග මෙහෙවරක් වෙනුවෙන් කැප වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව තොරතුරු දැන ගැනීමේ  කොමිෂන් සභාව වැනි ආයතනවලට සමගාමීව නෛතික ස්වීයත්වයක් හිමිවනු ඇති බව ද කතානායකවරයා පැවසීය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වහාම සැලසිය යුතුව ඇති බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා සඳහන් කළේ ඒ පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සහ මහා භාණ්ඩාගාරයට කඩිනම් උපදෙස් දෙන බවයි.
මිනිස් හැඟීම්වලට ගරු කරමින් සමාජයේ සැම දෙනෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ලබා දීමටත් යුක්තිය සාධාරණය ඉටු කරවා ගැනීමටත් සහාය වීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හැකි වනු ඇති බවට කථානායක කරු ජයසූරිය මහතා විශ්වාසය පළ කළේය.

 

[ස්වර්ණා විජේකෝන්] [රෝෂන් තුෂාර]  [චමීර ඇල්ලදෙණිය]

මාතෘකා