ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාව අද සිට

 ඡායාරූපය:

ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාව අද සිට

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (ලේක්හවුස්) සමාගම මගින් පනස් හයවන (56) වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පුජා පුණ්‍ය උත්සවය අද (26) ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේදී සවස 6.00ට අති උත්කර්ෂවවත් අයුරින් ආරම්භ කෙරේ.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකරනු ලැබේ.

තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා- ලේක්හවුස් ආලෝක පුජාව අද (26) ආරම්භව විසි හත් (27) වන දින හා විසි අට (28) වන දින සිදු කිරීමෙන් අවසන් වේ.

මෙවරද මෙම පුන්‍ය උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වන අතර පොසොන් පොහෝදින (27) ආලෝක පූජා පුණ්‍ය උත්සවය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මාතෘකා