ඉන්ෆ්ලුවෙන්සා 'ඒ' රටේම පැතිරෙන අවදානමක්

 ඡායාරූපය:

ඉන්ෆ්ලුවෙන්සා 'ඒ' රටේම පැතිරෙන අවදානමක්

වසංගත රෝග විද්‍යා ඒකකය

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා 'ඒ' වසංගතය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද පැතිරී ඇති බවට තොරතුරු වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඊයේ (18) 'රැස' පුවත්පත කළ විමසීමකදී අවධාරණ කළාය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ව්‍යාප්තිය වැඩි වී ඇති අතර විශේෂයෙන් කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලද රෝහල්වලින් ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් පැවවුවාය.

උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව වැනි ආබාධයක් ඇත්නම් වඩාත් සැලකිලිමත් වන ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වහාම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා