වර්ජනයේ දිනක පාඩුව රුපියල් කෝටි 15යි යළි සේවයට එන්නැයි තැපැල්පති වර්ජකයන්ගෙන් ඉල්ලයි

 ඡායාරූපය:

වර්ජනයේ දිනක පාඩුව රුපියල් කෝටි 15යි යළි සේවයට එන්නැයි තැපැල්පති වර්ජකයන්ගෙන් ඉල්ලයි

තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව තැපැල් දෙපාර්තුමේන්තුවට රුපියල් කෝටි 15ක පාඩුවක් සිදු වන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඊයේ (17) 'රැස' කළ විමසීමකදී පැවසීය.

තැපැල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (18) දිනයේදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවය.

තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන ගැටලු සාධාරණ බවත්, ඉදිරි මාසයක කාල සීමාව තුළදී සෑමදෙනාටම පිළිගත හැකි විසඳුමකට යෑමට කටයුතු කරන බවත් තැපැල්පතිවරයා පැවසීය.

මේ අතර, ඊයේ (17) සන්ධ්‍යාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පැවසුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනයේ යෙදී සිටින සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන මෙන් තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලා ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ‍ෙජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයට අනුව සියලු වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කර දෙපාර්තමේන්තු‍වේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදී, සාකච්ඡා කර විසදුමකට පැමිණෙන ලෙස, වැඩවර්ජනයේ යෙදී සිටින සේවකයින්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලා ඇත.

[දිනුක මලින්ද හේරත්] [නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා