ගම්මිරිස් ජාවාරම ගැන විමර්ශන සීඅයිඩීයට

 ඡායාරූපය:

ගම්මිරිස් ජාවාරම ගැන විමර්ශන සීඅයිඩීයට

බංග්ලාදේශයෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් බාල ගම්මිරිස් සමග දේශීය ගම්මිරිස් මිශ්‍ර කොට අපනයනය කරන ජාවාරමක් පිළිබඳව කරුණු හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම මිශ්‍ර කිරීම සිදුවන්නේ අපනයනය කරන අතරතුර නැව්වලදී බවද එම අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ඇමතිවරයා පැවසුවේය.

මෙහිදී සහභාගි වූ නියෝජිත පිරිස ගම්මිරිස් ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ගම්මිරිස් සම්බන්ධයෙන් පවතින කීර්තිනාමය විනාශ කරන ඉහත ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද බවයි.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?