ශ්‍රීලනිප මූලස්ථාන ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් නියෝග

 ඡායාරූපය:

ශ්‍රීලනිප මූලස්ථාන ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් නියෝග

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කර, පක්ෂ ප්‍රතිසංවිධානය අරඹන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඒ අනුව පක්ෂ මූලස්ථානයට අනවශ්‍ය බව හැඟෙන සියලු දෙනා වෙනුවට සුදුස්සන් පත් කරන ලෙස ජනාධිපතිවරයා අලුතෙන් පත් කළ ශ්‍රීලනිප මහලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ශ්‍රීලනිප ආරංචි මාර්ග 'රැස'ට අනාවරණය කළේය.

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු වන්නේ නම් පක්ෂ මූලස්ථානයද වහා ප්‍රතිසංවිධානය විය යුතු බවත් එම ප්‍රතිසංවිධානයද පූර්ණ ප්‍රතිසංවිධානයක් විය යුතු බවත් ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?