ටීඑන්එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන උපකරණ පොලිස් භාරයට!

 ඡායාරූපය:

ටීඑන්එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන උපකරණ පොලිස් භාරයට!

ටෙලිශාන් නෙට්වර්ක් පෞද්ගලික සමාගම හෙවත් ටීඑන්එල් රූපවාහිනී සේවයට අයත් පොල්ගහවෙල රූපවාහිනී විකාශනාගාරයේ උපකරණ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මේ වැටලීම සිදු කළ බවත්, කොමිසමෙන් ලබාගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබාගෙන නොතිබීම මීට හේතුව බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින් ටීඑන්එල් රූපවාහිනී සේවය පවසන්නේ තම ආයතනය අදාළ සියලු ගාස්තු නියමිත පරිදි ගෙවා ඇති බවයි.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා