ගෝඨාභය ජනපති අපේක්ෂක නොවෙයි

 ඡායාරූපය:

ගෝඨාභය ජනපති අපේක්ෂක නොවෙයි

මහින්දගේ මාධ්‍ය ලේකම් කියයි

2020 ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මාධ්‍ය නිවේදනය ව්‍යාජ එකක් බවත්, පොදුජන පෙරමුණ ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු නම් කර නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඊයේ (18) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිට වන තුරු බලා සිට මෙම ව්‍යාජ ලේඛනය මුදා හැර ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද තමා 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධ කර තිබේ.

මාතෘකා