මහින්දගේ චීන ගනුදෙනු හෙළි කරනවා | ඇස පාදන රැස


මහින්දගේ චීන ගනුදෙනු හෙළි කරනවා

 ඡායාරූපය:

මහින්දගේ චීන ගනුදෙනු හෙළි කරනවා

 ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීනයෙන් ලැබුණ අරමුදල් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබන සතියේදී හෙළි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (14 දා) මහරගම පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව පැවසීය. සියලු තොරතුරු ලිඛිත සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද

ඔහු සඳහන් කළේය.

ඒ මහතා එහිදී මෙසේද පැවසීය. "හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීන සමාගමක් විසින් මිලදී අරගෙන තිබෙනවා. ඔහු එය ප්‍රතික්‍ෂේප කරලා නැහැ. හුවමාරු වුණ චෙක්පත්, මුදල් මාරු කරපු පුද්ගලයින්, යනාදී සියලු තොරතුරු අපි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. චීන සමාගමකට අපේ රටේ නායකයන් මිලට ගන්න පුළුවන් නම් අපේ රට ස්වාධීන රටක්ද? මෙය රටේ ජාතික සම්පත් රටේ වුවමනාවට මෙහෙයවනවා වෙනුවට බහුජාතික සමාගම්වලට අනුව හසුරුවන රාජ්‍යයක්."

එමෙන්ම ව්‍යාජ දේශප්‍රේමය පරාජය කළ යුතුව තිබෙන බවද ජවිපෙ නායකයා සඳහන් කළේය.

[මංජුල සමර‍ෙස්කර]

මාතෘකා