තරුණයින් පැහැරගැනීමට යොදාගත් රථය ගැන නාවික හමුදාව තොරතුරු ලබා දී නෑ

 ඡායාරූපය:

තරුණයින් පැහැරගැනීමට යොදාගත් රථය ගැන නාවික හමුදාව තොරතුරු ලබා දී නෑ

තරුණයින් එකොළොස් දෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියට යොදා ගත් බව කියන වෑන් රථය පිළිබඳ සම්පූර්ණ තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදාව විසින් ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දැනුම් දුන්නේ අදාළ නඩුව කැඳවුණ අවස්ථාවේදීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් එළඹෙන ජූලි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නඩුව එදින දක්වා කල් තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

[කසුන් පුස්සෙවෙල]

මාතෘකා