පෝරකයට නියම වී කුඩු ජාවාරමේ යෙදෙන අයටමරණ දණ්ඩනය‍ දෙන්න මගේ අත්සන යොදනවා

 ඡායාරූපය:

පෝරකයට නියම වී කුඩු ජාවාරමේ යෙදෙන අයටමරණ දණ්ඩනය‍ දෙන්න මගේ අත්සන යොදනවා

ජනපති ගැටඹේදී පොරොන්දු වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන්නන්ට එරෙහිව මරණ දඬුවම ලබා දීම සඳහා අවසරය දීමට තමන් තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එවැනි පුද්ගලයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේය. ඊයේ (11) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති 'මතට එරෙහිව පාසලෙන් ජවයක්' වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"අපි දන්නවා ලංකාවේ මත්කුඩු, මත්පෙති ජාවාරම් කරලා නීතියට අහුවෙලා අධිකරණයේ දඬුවම් ලබපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඔවුන් මරණීය දඬුවම නියම වෙලා හිරේ ඉඳන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. මම ඒ අය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියා. මත්ද්‍රව්‍ය ජාවාරම නිසා මරණ දඬුවම නියම වී පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අයට මරණීය දණ්ඩනය දීමට මම මගේ අත්සන යොදනවා. මම හිතනවා මේක රටට, සමාජයට හෙට උපදින දරුවන්ට කරන දෙයක් නිසා මට පවක් සිදු නොවෙයි කියලා. මේ ගැන බෞද්ධයන් විදිහට බොහෝ වාද විවාද ඇති වෙන්න පුළුවන්."

[දර්ශන හපුකොටුව]

මාතෘකා