ඉන්ධන මිල සෑම මසකම 10 වැනිදා වෙනස් කෙරෙයි

 ඡායාරූපය:

ඉන්ධන මිල සෑම මසකම 10 වැනිදා වෙනස් කෙරෙයි

වැඩි කළ ඉන්ධන මිල සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සූත්‍රයට අනුව වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් පෙරේදා (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් අමාත්‍යංශ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම මිල සංශෝධනය සිදුවන බව ඇමතිවරයා පැවසීය.

මාතෘකා