බරපතළ වංචා ගැන නඩු අහන ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන සතියේ

 ඡායාරූපය:

බරපතළ වංචා ගැන නඩු අහන ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන සතියේ

බරපතළ මූල්‍ය වංචා, දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ ව්‍යාපෘතියේ පළමු අධිකරණය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව එළඹෙන සතියේ පළමු අධිකරණයේ කටයුතු ආරම්භකොට එහි සාර්ථක අසාර්ථක බව පරීක්ෂා කර බලා ලබන සැප්තැම්බර් මාසයේදී සෙසු අධිකරණද පිහිටුවීමට කටයුතු කරන බව ඇමතිවරයා පැවසීය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා