සිංහරාජයේ අලින්ට අලුතෙන් රැඳවුම් මධ්‍යස්ථානයක්

 ඡායාරූපය:

සිංහරාජයේ අලින්ට අලුතෙන් රැඳවුම් මධ්‍යස්ථානයක්

සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින අලි දෙදෙනා වෙනුවෙන් රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය කාලයේ සිංහරාජ වනාන්තරයේ සිටින අලි දෙදෙනා නිසා අවට ගම්වාසීන්ගේ සාමාන්‍ය ජීවිතයට සිදුවූ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඒ අනුව අලින් දෙදෙනාට ජීවත්වීමට ගැළපෙන පරිසරයක් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ පාරුගල ප්‍රදේශයේ හෙක්ටයාර 36ක භූමි භාගයක් පවරා ගැනීමට අනුමැතිය ලැබී තිබේ.

වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෙම යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා