නිව්යෝක් ටයිම්ස් චෝදනා ගැන හැකිනම් ප්‍රකාශයක් කරන්න

 ඡායාරූපය:

නිව්යෝක් ටයිම්ස් චෝදනා ගැන හැකිනම් ප්‍රකාශයක් කරන්න

මහින්දට අභියෝගයක්

නිව්යෝක් ටයිම්ස්' පුත්පත මගින් පසුගියදා හෙළි කරනු ලැබූ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබාගත් බවට වන චෝදනාවලට හැකි නම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර පිළිතුරු ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (9) අභියෝග කළේය.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් සමඟ පැවති හමුවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

වීදුරු ගෙවල්වල සිට ගල්ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් තමන් සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කණගාටුදායක තත්ත්වයක් බව මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

නීතියේ අාධිපත්‍ය දරන අධිකරණ පද්ධතියට අතපෙවීම් සිදු කරමින් අපරාධ යට ගසා ගැනීමේ උත්සාහයන් කිසිවකට හෝ ඉඩ නොතබන බවත් විශේෂ අධිකරණ පද්ධතියක් වහා ස්ථාපිත කොට තරාතිරම නොබලා කඩිනමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අරමුදලකට චීන සමාගමක් විසින් කෝටි ගණනක මුදල් ලබාදී ඇති බවත් ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කරගෙන ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

[නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා