නිලවරණයට 10,000ක් ඡන්දය දුන් වෛද්‍ය සභාවේ ගුටි කෙළියක්

 ඡායාරූපය:

නිලවරණයට 10,000ක් ඡන්දය දුන් වෛද්‍ය සභාවේ ගුටි කෙළියක්

නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීම සඳහා නිලවරණය පැවැති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට ඊයේ (24) පස්වරුවේ උණුසුම් තත්වයක් හටගත්තේය. නිලවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පාර්ශ්ව දෙකක අපේක්ෂකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති අතර එක් අයෙකු බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට ඇත.

ඊයේ සහ පෙරේදා (23) යන දිනවල ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණය කොළඹ 10, මරදානේ පිහිටි වෛද්‍ය සභා මූලස්ථානයේ පැවති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි ප්‍රධාන පාර්ශ්වයන් වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සහ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය තුසිත කහදූව අතර ගුටිබැට හුවමාරුව සිදු වී ඇති අතර වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු නිලවරණ නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදී එයට බාධා කරමින් වෛද්‍ය තුසිත කහදූව බැණවැදී ඇත. පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

එහිදී තුවාල ලැබූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. ඔහුගේ මුහුණ ප්‍රදේශයට බරපතළ හානි සිදු වී ඇති බවත් ඇසක පෙනීම දුර්වල වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. කෙසේ වුවද ගැටුම අවසන් වූ පසුව නැවත නිලවරණය පැවැත් වූ අතර ඊයේ සහ පෙරේදා දෙදින තුළ වෛද්‍යවරුන් 10,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පෙර අවස්ථාවලට වඩා එය සැලකිය යුතු වර්ධනයකි.


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?