රන්ජන්ගේ වීඩියෝව උසාවියේ තිරගත වේ | ඇස පාදන රැස


රන්ජන්ගේ වීඩියෝව උසාවියේ තිරගත වේ

 ඡායාරූපය:

රන්ජන්ගේ වීඩියෝව උසාවියේ තිරගත වේ

අධිකරණයට සහ නීතීඥයන්ට අපහාස කිරීමේ සිද්ධියකට අදාළව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමට අදාළව එම පාර්ශ්වය මෙම දැනුම් දීම කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ පෙත්සම් විභාග කෙරේ. රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් මගින් අපහාස සිදු වූ බවට අදාළ පෙත්සම් ඉදිරිපත් වී ඇති අතර, මාධ්‍ය ආයතනය මගින් ඊට අදාළ වීඩියෝ පට අධිකරණයට ලබා දී තිබේ. විනිසුරුවරුන්ගේ නියෝග මත එම වීඩියෝ පට අධිකරණයේ ප්‍රචාරය කිරීමට රෙජිස්ට්‍රාර්වරයා කටයුතු කර තිබිණි.